සිව්වන ප්‍රශ්නය (Q4) විශ්ලේෂණය
ධාරා විද්‍යුතය සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව
Current Electricity & Electronics
Q4 at a glance
4 circuit groups · calculation-led
උසස් පෙළ භෞතික විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ සිව්වන ප්‍රශ්නය ගණිතමය වශයෙන් වඩාත්ම බර, පරිපථ විශ්ලේෂණය මත පදනම් වූ ප්‍රශ්නයයි. ඓතිහාසිකව ධාරා විද්‍යුතයේ සම්භාව්‍ය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙන්වී තිබුණද මෑත කාලීනව ඉලෙක්ට්‍රොනික විද්‍යාවද මෙයට ඇතුළත් වී ඇත.
පසුගිය විභාග දත්ත සටහන
2011 සිට 2025 දක්වා Q4 සඳහා පරීක්ෂා කළ ධාරා විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ප්‍රායෝගික පරීක්ෂණ සහ ඒවායේ නිල නාමයන්.
- 2025විභවමානය
ප්‍රායෝගික අංක 34 - විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම
Internal resistance using a potentiometer
- 2024මීටර සේතුව
ප්‍රායෝගික අංක 32 - මීටර සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම
Temperature coefficient of resistance
- 2023මීටර සේතුවCore Concept
ප්‍රායෝගික අංක 32 - මීටර සේතුව භාවිතයෙන් ප්‍රතිරෝධකතාව සෙවීම
Resistivity using a meter bridge
- 2022විභවමානය
ප්‍රායෝගික අංක 33 - විභවමානය භාවිතයෙන් කෝෂ දෙකක වි.ගා.බ. සංසන්දනය කිරීම
Comparing the e.m.f. of two cells
- 2021මීටර සේතුව
ප්‍රායෝගික අංක 32 - මීටර සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම
Temperature coefficient of resistance
- 2020V-A ක්‍රමය
ප්‍රායෝගික අංක 31 - කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ වි.ගා.බ. සෙවීම (V-A Method)
Internal resistance and e.m.f.
- 2019ඉලෙක්ට්‍රොනික විද්‍යාවNovel
නිර්මාණාත්මක ප්‍රශ්නයක් (Novel) - ප්‍රායෝගික අංක 34 (විභවමානය) සහ ප්‍රායෝගික අංක 37 (Op-Amp) සංකලනය
Potentiometer and Op-Amp combination
- 2018ඉලෙක්ට්‍රොනික විද්‍යාවNovel
නිර්මාණාත්මක ප්‍රශ්නයක් (Novel) - DC මෝටර, ප්‍රකාශ දියෝඩ, ට්‍රාන්ස්ෆෝමර් සහ සෙනර් දියෝඩ මත පදනම් වූවකි
DC motor, LED, transformer & Zener diode
- 2017V-A ක්‍රමයNovel
නිර්මාණාත්මක ප්‍රශ්නයක් (Novel) - වෝල්ට්මීටරයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම (V-A Method)
Internal resistance of a voltmeter
- 2016V-A ක්‍රමය
ප්‍රායෝගික අංක 31 - කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ වි.ගා.බ. සෙවීම (V-A Method)
Internal resistance and e.m.f.
- 2015විභවමානය
ප්‍රායෝගික අංක 34 - විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම
Internal resistance using a potentiometer
- 2014V-A ක්‍රමයCore Concept
මූලික සංකල්පය (Core Concept) - වෝල්ට්මීටර-ඇමීටර ක්‍රමය මගින් ප්‍රතිරෝධයක් සෙවීම
Resistance using the voltmeter-ammeter method
- 2013මීටර සේතුවCore Concept
මූලික සංකල්පය (Core Concept) - මීටර සේතුව / වීට්ස්ටන් සේතුව
Meter bridge / Wheatstone bridge
- 2012විභවමානය
ප්‍රායෝගික අංක 34 - විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම
Internal resistance using a potentiometer
- 2011V-A ක්‍රමයCore Concept
මූලික සංකල්පය (Core Concept) - වෝල්ට්මීටර-ඇමීටර ක්‍රමය මගින් ප්‍රතිරෝධයක් සෙවීම
Resistance using the voltmeter-ammeter method
ප්‍රවණතා විශ්ලේෂණය
Q4 හි නැවත නැවත පැමිණෙන පරිපථ, ගණිතමය බර, ප්‍රස්තාර භාවිතය සහ ආරක්ෂක පූර්වෝපාය දත්ත මඟින් බලමු.
A · Question Rotation
වැඩි වශයෙන් ඇසෙන ප්‍රධාන පරිපථ 4
2018 සහ 2019 නිර්මාණශීලී ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න දෙකෙන් පසුව, 2020 සිට 2025 දක්වා අඛණ්ඩව වසර 6 ක්ම සම්ප්‍රදායික ධාරා විද්‍යුත් පරීක්ෂණ වෙත නැවත යොමු වී ඇත.
B · Work vs. Explain
ගණනය කිරීම් සහ පැහැදිලි කිරීම්
C · Graphing Skills
ප්‍රස්තාර භාවිතය
පරිපථ සමීකරණය රේඛීය ආකාරයට සකස් කර ප්‍රස්තාරය අඳියි.
අනුක්‍රමණය සහ අන්තඃඛණ්ඩය මගින් අභ්‍යන්තර ප්‍රතිරෝධය (r) හෝ වි.ගා.බ. (E) වැනි රාශි සොයයි.
D · Errors & Instruments
දෝෂ විශ්ලේෂණය සහ උපකරණ
ගැල්වනෝමීටරය ආරක්ෂා කිරීම (Galvanometer Protection)
විභවමානය සහ මීටර සේතු ප්රශ්නවලදී අනිවාර්යයෙන්ම පරීක්ෂා කෙරේ.
කෝෂය විසර්ජනය වීම වැළැක්වීම (Cell Discharge)
පාඨාංක නොගන්නා විට පරිපථය විවෘතව තැබීම සහ tapping key භාවිතය අසයි.
සන්තුලන ලක්ෂ්‍යයේ නිරවද්‍යතාව (Accuracy of Null Point)
මීටර සේතුවේ සන්තුලන ලක්ෂ්‍යය 50 cm ආසන්නයේ ලබාගැනීමේ වැදගත්කම පරීක්ෂා කෙරේ.
Key instruments
මීළඟට කුමක් වෙයිද?
2020 සිට අඛණ්ඩව සම්ප්‍රදායික ධාරා විද්‍යුත් ප්‍රශ්න පමණක් පරීක්ෂා කර ඇත. ඉලෙක්ට්‍රොනික විද්‍යාව වසර 7 කින් සහ වෝල්ට්මීටර-ඇමීටර ක්‍රමය වසර 6 කින් පරීක්ෂා කර නැත. ඉලෙක්ට්‍රොනික විද්‍යාව මෙතරම් කාලයක් මඟහැර ඇති බැවින් මීළඟ විභාගයේදී එම කොටසින් curveball ප්‍රශ්නයක් පැමිණීමට ඉහළම ඉඩක් ඇත.
සංඛ්‍යානමය දත්ත සහ ප්‍රවණතා මත පදනම්ව 2026 විභාගය සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද අපගේ Data Driven Guess Papers සමග එකතු වීමට ඔබට හැකියාව ඇත. මේ සඳහා අපගේ Telegram සමූහයට එක්වන්න.